Overview

CorteX Tuition Manager · Version 1.0

CorteX Tuition Manager
පද්ධති දළ විශ්ලේෂණය

උපකාරක පන්ති (Tuition Classes) සහ අධ්‍යාපන ආයතන කළමනාකරණය සඳහා විශේෂයෙන් සකසන ලද, WordPress මත ක්‍රියාත්මක වන නවීන මෘදුකාංග පද්ධතිය.

Professional Edition Developed by CorteX Solutions

📖 හැඳින්වීම (Introduction)

CorteX Tuition Manager යනු ඔබේ පන්තියේ සියලුම කටයුතු ඩිජිටල්කරණය කරන විසඳුමකි. ශිෂ්‍ය ලියාපදිංචියේ සිට, මාසික පන්ති ගාස්තු (Fees) එකතු කිරීම, QR ක්‍රමයට පැමිණීම සටහන් කිරීම (Attendance) සහ දෙමව්පියන් වෙත ස්වයංක්‍රීය SMS යැවීම දක්වා සියලුම දේ මෙය මගින් පහසු කරයි.

🚀 ප්‍රධාන විශේෂාංග (Key Features)

🎓

Student Management (සිසුන් කළමනාකරණය)

සිසුන්ගේ දත්ත ඉතා පහසුවෙන් කළමනාකරණය කිරීම.

  • Auto Reg No: සිසුවා ලියාපදිංචි වන විටම අංකයක් (Eg: STU-001) ලබා දීම.
  • Full Profile: ඡායාරූපය, පාසල, ශ්‍රේණිය සහ දෙමව්පියන්ගේ දුරකථන අංක ඇතුලත් කිරීම.
  • Enrollments: එක් සිසුවෙක් පන්ති කිහිපයකට (Subject/Grade) ඇතුලත් කිරීමේ හැකියාව.
🆔

Smart ID Cards & QR

වෙනත් තැන්වලින් කාඩ් මුද්‍රණය කිරීමට අවශ්‍ය නොවේ.

  • Auto Generate: සිසුවා ලියාපදිංචි කළ වහාම QR කෝඩ් එක සහිත ID කාඩ්පතක් System එකෙන්ම නිර්මාණය වේ.
  • Printable: මෙය කෙලින්ම Print කර ලැමිනේට් කර දරුවාට ලබා දිය හැක.
📍

Kiosk Attendance (පැමිණීම සටහන් කිරීම)

දොරටුව අසලදී වේගයෙන් දරුවන් ඇතුලත් කරගැනීම.

  • QR Scan: Webcam හෝ Scanner මගින් ID පත කියවීම.
  • Payment Status: දරුවා ඇතුල් වන විටම "මේ මාසයේ පන්ති ගාස්තු ගෙවා ඇත්ද?" යන්න තිරයේ දිස්වීම.
  • Arrival SMS: දරුවා පන්තියට පැමිණි බව දෙමව්පියන්ට SMS මගින් දැන්වීම.
💸

Fee Payments (පන්ති ගාස්තු)

මුදල් අයකැමි (Cashier) සඳහා පහසු මෙනුවක්.

  • Easy Pay: සිසුවා තෝරා, අදාළ මාසය තෝරා මුදල් අය කිරීම.
  • Partial Payments: සම්පූර්ණ මුදල හෝ කොටසක් ගෙවීමේ හැකියාව.
  • History: එක් එක් සිසුවාගේ ගෙවීම් ඉතිහාසය බලාගැනීම.
  • SMS Receipt: මුදල් ගෙවූ වහාම දෙමව්පියන්ට SMS රිසිට්පතක් යැවීම.
👨‍👩‍👧‍👦

Parent Portal (දෙමව්පිය පිවිසුම)

දෙමව්පියන්ට ගෙදර සිටම දරුවාගේ විස්තර බැලීමේ හැකියාව.

  • Attendance Log: දරුවා පන්තියට ගිය දින සහ වේලාවන් බලාගැනීම.
  • Payment History: පන්ති ගාස්තු ගෙවූ මාස සහ හිඟ මුදල් බලාගැනීම.
  • Secure Login: දරුවාගේ Reg No සහ දුරකථන අංකය මගින් Login වීම.
⚙️

Admin & Staff Tools

ආයතන ප්‍රධානියාට සහ කාර්ය මණ්ඩලයට වෙන වෙනම පහසුකම්.

  • Staff Role: සහායකයින්ට (Staff) Settings වෙනස් කළ නොහැකි වන ලෙස, Attendance සහ Payments පමණක් හැසිරවිය හැකි විශේෂ පහසුකම්.
  • Dashboard: දිනපතා පැමිණීම, එකතු වූ මුදල් සහ ක්‍රියාකාරී පන්ති ගණන එක බැල්මකින්.
📋

Reports (වාර්තා)

ආයතනයේ දියුණුවට අවශ්‍ය දත්ත විශ්ලේෂණය.

  • Daily Log: අද දින පැමිණි සිසුන් ලැයිස්තුව (Export to CSV).
  • Income Report: පන්තිය අනුව මාසික ආදායම් වාර්තා.
📲

SMS Notifications

Notify.lk හරහා සියලුම පණිවිඩ ස්වයංක්‍රීයව යැවීම.

  • Arrival SMS: දරුවා පන්තියට ආ විට.
  • Payment SMS: පන්ති ගාස්තු ගෙවූ විට.
  • Absent SMS: පන්තියට නොපැමිණි අයට මතක් කිරීම් (Optional).

🛠️ තාක්ෂණික පිරිවිතර (Technical Specifications)

Platform: WordPress Plugin
Hardware: Webcam / Barcode Scanner
Printing: Thermal & A4 Supported
SMS: Notify.lk Integration